මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම

කෑගල්ල පළාත්බද මහාධිකරණයේ දී මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වු චූදිතයින් පස්දෙනෙකුට කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය විසින් අද (08) මරණ දඬුවම ලබාදී තිබේ.

2014 වසරේ කෑගල්ල පොලිස් වසමේ දේවාලගම, කහගල්ල ප්‍රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයෙකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් පස්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *