මන්නා කන්නාට නවගම්පුරදි වෙඩි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මන්න කන්නා නමැත්තා ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි

මෙම පුද්ගලයා නවගම්පුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණ තිබු නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *