මද්දකට හසුවු කොටියා බේරාගැනීමට ගිය වන ජිවි වෛද්‍යවරයා රෝහලට

තිස්සමහාරාම රන්මිණිතැන්න රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවී වෛද්‍යවරයකු දිවියාගේ පහරදීමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.

යාල වනෝද්‍යානයට ආසන්නව දිවියකු මද්දකට හසුව සිටින බවට වන ජීවී නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව වන ජිවි වෛද්‍ය කණ්ඩායමක් අද පෙරවරුවේදී රොටවැව ප්‍රදේශයට පැමිණ දිවියා බේරා ගැනීම සදහා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී එකවරම මද්ද කඩාගත් දිවියා වනජීවී වෛද්‍යවරයාගේ ඇඟට පැන ඔහුගේ දකුණු අත වැලමිට ප්‍රදේශයෙන් සපා කා තිබේ.

වනජීවී නිළධාරීන් ගේ කෑ ගැසීමත් සමඟ දිවියා කැළයට පැන ගොස් තිබුණි.

දිවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ වනජීවී වෛද්‍යවරයා වහාම වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වෛද්‍යවරයා සැත්කමකටද ලක් කොට තිබෙන බව වාර්තාවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *