මත් උවදුර දුරු කරන හැටි පොලිසියට කියාදෙන වැඩමුළුවක්

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් සංවිධානය කරන මත් උවදුර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (27) කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයීය ගොඩනැඟිල්ලේදී පැවැත්වීමට නියමිතය.

2023 නව පාසල් වාරය තුළදී දිවයින තුළ පිහිටි සියලුම පාසල් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය උවදුර පාසල් ළමයින් අතර ව්‍යාප්ත වීම වැළැක්වීම පෙරදැරිව පාසල් දරුවන්, ගුරුවරුන්, මවුපියන් මෙන්ම පාසල් අවට ප්‍රජාවද ඉලක්ක කර ගනිමින් මෙම දැනුවත්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සියලුම කොට්ඨාසවල ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරීන් 225ක් මෙම එක්දින වැඩමුළුවට සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *