මත්පැන් සාදයක් අතරතුර වැලිගමදි මනුෂ්‍ය ඝාතනයක්

වැලිගම හල්ලල ප්‍රදේශයේදි ඊයේ (03) රාත්‍රි තියුණු ආයුදයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිගම පොලිසියි පවසයි.

ඝාතනය කර ඇත්තේ 49 හැවිරිදි පෙදරේරුවෙකු වන බව පොලිසිය පවසයි.

මියගිය අය තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටියදි එම ස්ථානයට පැමිණ ඇති 21 හැවිරිදි තරුණයෙකු පෙර පැවති ආරවුලක් මත තියුණු ආයුදයකින් ඇන පලාගොස් ඇති අතර තුවාලකරු වැලිගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනිම සඳහා වැලිගම පොලිසිය පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *