මත්පැන් අලෙවි සැලක ආරවුලකින් රුසියානු ජාතිකයෙකුට බෝතල් ප්‍රහාරයක්

වැලිගම මිරිස්ස ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලක මත්පැන් මිලදි ගැනිම සදහා පැමිණි රුසියානු ජාතිකයෙකුට ඊයේ (01) දහවල් බීර බෝතලයකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මිරිස්ස පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි

පහරදීමෙන් තුවාල මෙලෙස තුවාල ලබා 32 හැවිරිදි රුසියානු ජාතිකයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

මෙම රුසියානු ජාතිකයා මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සඳහා මිරිස්ස ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැලකට ගොස් ඇති බවත් එහිදී ඔහු සහ සැකකරු අතර බහින්බස් වීමක් දුරදිගයාමෙන් මෙම ආරවුල හටගෙන තිබෙන බව පොලිසිය පවසයි.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply