මත්ද්‍රව්‍ය සමග Facebook සාදයක් වටලයි

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ Facebook සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම එම වැටලීම පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ. එහිදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *