මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලීසියට පිහි පහරක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම සැකකරු අත් අඩංගුවට ගත් බව කටාන පොලිසිය පවසයි.

ලද තොරතුරක් අනුව කටාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම පුද්ගලයාගේ නිවස වැටලීමට ගොස් ඇති අතර එහිදී පිහි ඇනුම් කෑ පොලිස් කොස්තාපල්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී  මත්කුඩු, ජීව අත් බෝම්බයක් තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් කොස්තාපල් වරයාට අනින ලදැයි කියන පිහිය ද පොලිස් භාරයට බාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *