මත්ද්‍රව්‍ය ජිවිතයක් බිලිගනි

ගෝනපිනුවල, ආරච්චිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (03) පෙරවරුවේ ඔහුගේ නිවසේ ඉහල මාලයේ ලණුවක් ආධාරයෙන් ගෙලවැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇතැයි ගෝනපිනුවල පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහිවූ පුද්ගලයෙකු බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනාපිනුවල පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *