මත්ද්‍රව්‍ය අඩංගු කූරු 22ක් පොලිස් භාරයට

ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය කලවම් කර නිෂ්පාදනය කරන ලද මත්ද්‍රව්‍ය කරල් විශේෂයක් තරුණයන් හට අළෙවි කිරීමේ යෙදුණු පුද්ගලයකු අද (03) උදෑසන අඟුරුවාතොට පොලීසිය මගින් වැටලීමේදී එම සැකකරු පදවාගෙන ආ යතුරු පැදිය ද දමා පළා ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු කූරු 22ක්, කිසියම් මත් ද්‍රව්‍යයක් කලවම් කළ බවට සැකකරන ගංජා ග්‍රෑම් 515 ක්, විද්‍යුත් තරාදියක්, කතුරක්, ඇලෙන සුළු ඉටි රෝල් දෙකක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

පළාගිය සැකකරු බලපිටිය, පාතගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply