අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් බටගොඩ වෙල්යායක තිබී අද (18) අලුයම සොයාගත් බව අතට පොලිසිය පවසයි.
බටගොඩ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් බටගොඩ හන්දියේ දී මෙම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙපිරිසේම පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.