භූමිතෙල් හැර අනෙක් ඉන්ධනවලින් සිපෙට්කෝ ලාභ ලබයි

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් 2023 පෙබරවාරි 18 දින වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාව අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.21 ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3.25ක ලාභයක් ද සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 21.49ක පාඩුවක් ද සිදු වී තිබේ.

ඉහළ ම ලාභයක් උපයා ඇත්තේ, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලින් වන අතර එය රුපියල් 109.44ක් ලෙස සටහන් වී ඇත.

එම වාර්තාව පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *