භූමිකම්පාවෙන් පසු පොළොව යට සැඟව යන්නට ගිය කුඩා දරුවෙකු බේරා ගැනේ (VIDEO)

පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින දෙකක් සිරවී සිටි පස් හැවිරිදි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇති අතර ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණි. පසුව සහන සේවකයන් විසින් මෙම දරුවා බේරාගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ එම දරුවා පමණක් බවය.

ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5 හැවිරිදි දරුවාට හදිසි ප්‍රතිකාර ලබාදිමෙන් පසු රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

එම අවස්ථාවේ වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි.

Leave a Reply