භුමිකම්පා ගැන බයවෙන්න එපා – භූ විද්‍යා අංශ

මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවද ඒ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සදහන් කල ඒ මහතා

“ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 – 5  භූකම්පන රැසක් සිදුවුණා. ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *