භුමිකම්පාවෙන් විපතට පත් තුර්කියට ශ්‍රි ලංකාවෙන් තේ

තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් තුර්කි ජනතාව වෙත ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා රජය, Ceylon Tea Exporters හි සහාය ඇතිව, “සිලෝන් ටී” තොගයක් කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලය වෙත ඊයේ (10) පරිත්‍යාග කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටියේ තුර්කියේ භූමිකම්පාවලින් විපතට පත් වූවන් වෙත එම තේ තොග ලබා දෙනු ඇති බවයි.

මෙම පරිත්‍යාගය අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

Leave a Reply