බේරුවල මුහුදේ භුචලනයක් – සුනාමි අවදානමක් නැහැ

බේරුවලට ආසන්න මුහුදේ අද (30) දහවල් රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 3.7ක භූචලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය පවසයි

එය බේරුවල සිට කිලෝමීටර් 24ක් දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

පස්වරු 1.00ට පමණ භූචලනය සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව ද එම කාර්යාංශය නිවේදනය කල අතර ආපදා කළමනාකරණ ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය ද සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව නිවේදනය කළේය

මෙම භූ චලනය කළුතර, මොරටුව, කැස්බෑව ඇතුළු තදාසන්න ප්‍රදේශවලට දැනි තිබුණ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ

Leave a Reply