බෙහෙත් පෙති සිරවි පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ සිරවී ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය රේවත විදයාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂයාවක් බව ද පොලීසිය පවසයි.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් මේ දැරිය අරගෙන ඇති බවත් එය පාවිච්චි කිරීමෙන් පසු මේ සිසුවිය මිය ගොස් ඇති බව ඥාතීන් පවසන බවත් පොලීසිය පවසයි.

මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය අද(10) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Leave a Reply