මතුරට – අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු සහ දැරියක් අද (06) දියේ ගිලී දැරිය මියගොස් දරුවා අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් විසින් දැරිය ගොඩට ගෙන රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට තිබේ.
මිය ගිය දැරිය වයස අවුරුදු 13 ක් වන මතුරට තබරාව ප්‍රදේශයේ පදිංචි වන අතර අතුරුදන් වූ දරුවා එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 12 ක දරුවෙකි.
මියගිය දැරිය තම ඥාති සහෝදරයකු වන පිරිමි දරුවා සහ අවුරුදු 21ක් පමණ වන ඔවුන්ගේ ඥාති සහෝදරියක් ද සමඟ පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනය නැරඹීමට ගොස් තිබේ.
ඉන් අනතුරුව දිය නෑම සඳහා මොරපාය විහාරය අසලින් ගලා බසින බෙලිහුල් ඔයට ගොස් දිය නාමින් සිටිය දී දැරිය ඔයේ ගිලි ගසාගෙන යාමේදී ඇය බේරාගැනීමට කුඩා දරුවා උත්සාහ කර තිබෙන අතර එහිදී දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මතුරට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.