බෙලිඅත්ත වෙඩි තැබීමකින් පහක් මරුට

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසල අද (22) පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.

අද උදෑසන සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

Leave a Reply