බෙන්තොට නිවසක් ගිනි ගනි

බෙන්තොට පොලිස් වසමේ හබුරුගල ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ නිවසක් ගිනි ගැනීමකට ලක්ව විනාශවි ඇති බව බෙන්තොට පොලිසිය පවසයි.

ගින්න හටගැනිමත් සමග බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයක් හා කළුතර ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත. ගින්නෙන් නිවසේ දේපල වලට හා වහලයට හානි සිදුවී ඇති අතර ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවද පොලිසිය පවසයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු බෙන්තොට පොලිසිය විසින් පවත්වා ගෙනයනු ලබයි.

මේ අතර තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයකද අද (23) අලුයම හටගත් ගින්නකින් එහි උපකරණ වලට සහ වහලයේ කොටසකට හානි සිදුවී ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

ගින්න හටගත් අවස්ථාවේ ප්‍රදේශවාසීන් හා පොලිසිය ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply