බෙදුම් වාදය නතර කරන ලෙස ලෝ වැසියන්ගෙන් ඉල්ලා පා පැදියකින් ආසියාතික රටවල් වටා පා පැදියකින් යන ඉන්දියානු ජාතික තරුණයෙක් ලංකාව වටා සංචාරය අවසන් කරමින් ඊයේ (15) දහවල් ගාල්ලට ලඟාවිය.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ උපත ලබා ඇති ධිරාජ් කුමාර් ගුප්තා මේ වනවිට කිලෝ මිටර් 14475ක් පාදියෙන් ගමන්කර ඇත.පසුගිය 2021 වසරේ නොවැම්බර් 24 වනදින ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කල ඔහු ඉන්දියාවේ ප්‍රාන්ත 24ම ගමන් කොට බංගලාදේශයට ගොස් ඇත.
බංගලාදේශය වටා සංචාරය කිරිමෙන් පසු මියන්මාරයට ගොස් ඇති ඔහු ලංකාවට පැමිණ ඊයේ ගාල්ල නගරයෙන් සංචාරය අවසන් කලේය.