බෙංගාල බෝක්ක මුහුදේ භුමිකම්පාවක්

බෙංගාල බොක්ක මුහුදේ අද (05) පෙරවරුවේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.2 ප්‍රභලත්වයෙන් ‍යුතු භූමිකම්පාවක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (05) පෙරවරු 8.35 පමණ මෙම භුචලනය සිදුව ඇති අතර භුචලනය ඉන්දියාවේ කල්කටා නුවරට ද දැනී ඇති බව ද වාර්තා වේ

මේ අතර ඊයේ (04) ත්‍රිකුණාමලයට නැගෙනහිරින් වූ ඈත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 4.2 ප්‍රභලත්වයෙන් යුතු භුචලනයක් ද සිදුව තිබේ.

Leave a Reply