බූස්ස මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්

රත්ගම, බූස්ස මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (07) සවස දියේ ගිලි අතුරුදහන් වි ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බූස්ස පාවර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසැල් සිසුවෙකි.

සිය මිතුරන් පිරිසක් සමඟ මෙම සිසුවා දිය නෑමට ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

අතුරුදන් සිසුවා සොයා පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ

One thought on “බූස්ස මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්

Leave a Reply