බූස්ස මුහුදේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවෙයි

රත්ගම, බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටිය දී අතුරුදන් වූ 14 හැවිරිදි දරුවාගේ සිරුර අද (09) අලුයම ගිංතොට, පිංතාලිය වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය 7 වනදා ළමුන් 6 දෙනෙකු දියනෑමට ගොස් ඇති අතර ඉන් එක් පිරිමි දරුවෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ.

බූස්ස මුහුදේ දිය නෑමට ගිය සිසුවෙකු අතුරුදහන්

Leave a Reply