බුත්තල යළි භූ චලනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ භූ චලනයක් සිදුවී තිබෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

රික්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වූ බව එම දෙපාර්තමේන්තුව පැවසීය

මේ අතර බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් පවසයි.

විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබිද නගා කෑ ගැසු බවත් අවට ගම්වාසීන් ප්‍රකාශ කර තිබේ

හඳපානගල, බුත්තල,වැල්ලවාය ඇතුළු ප්‍රදේශ රැසකට පොළෙව සෙළෙවීම දැනුනු බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *