බුත්තල, පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව අද (10) දහවල් සිදුවු රික්ටර් මාපකයේ මැග්නිටියුට් 3.0ක ප්‍රභලත්වයකින් සිදුවු සුළු භූ කම්පන තත්වයෙන් එම ප්‍රදේශයේ නිවාස රැසකට සුළු හානි සිදුව තිබෙන බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.
ප්‍රදේශයේ නිවාස බිත්ති ඉරිතැලී, උළු හා සිවිලිම බිමට වැටී, දොර ජනේල්වලට සවිකර තිබු වීදුරු කැඩි සුළු හානි නිවාස රැසකට සිදුව තිබේ
මේ අතර උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දැගැබේ කොත් කැරැල්ලේ සවිකර තිබු චුඩා මානික්‍යය බිමට වැටී හානි සිදුව ඇත.
මෙම භූ කම්පන තත්වය අද දහවල් 12.10 සිට 12-13 දක්වා අතර විනාඩි තුනක පමණ කාලයක් පැවතී ඇති අතර, එය මොණරාගල,බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයට භු චලනය සිදුවීමත් සමග දැඩි භිතියට පත්වු තට්ටු ගොඩනැගිලි වල සේවය කරමින් සිටි රාජ්‍ය සේවකයින් ඇතුලු ජනතාව බිම් මහල්වලට බැස අවදානමෙන් පැය කිහිපයක් ගත කර තිබෙන බවද වාර්තාවේ
වැල්ලවායේ භූමිකම්පාවක්