බිහිසුණු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනකු ජිවිතක්ෂයට

අනුරාධපුර – රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද (09) අළුයම සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.

රඹෑව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා ආපසු මාර්ගයේ යමින් සිටි පිරිසක් යටකර කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ රඹෑව වාන ප්‍රදේශයේ සහ තඹලගොල්ලෑවේ  පදිංචි වයස අවුරුදු 14 , 19 සහ 21ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු බවද පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි.

අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථයේ පලා ගොස් ඇති අතර එය සොයා පොලිස් කණ්ඩායමක් කීපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply