බිරිඳ මරාදැමු සැමියා සියදිවි නසාගෙන මරුට

අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී ඊයේ (04) සවස සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි කාන්තාවක් වන අතර 36 හැවිරිදි සැමියෙකු මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply