බාලවයස්කාර සිසුවිය සමග එකට හිටපු දර්ශන අන්තර්ජාලයට දැමු තරුණයා රිමාන්ඩ් : සිසුවිය පරිවාසයට

බාල වයස්කාර පාසල් සිසුවියක් දුෂණය කොට එම දර්ශණ අන්තර් ජාලයට මුදා හරින ලද සැකකරුවෙක් ලබන මස 06 වන දින දක්වා රිමාන්ඩ් කිරිමටත් එම සිසුවිය පරිවාස බාරයට පත්කොට කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ නෙළුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුන පැමිණිල්ලක් අනුව සිසුවිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

දෙදෙනා අතර සම්බන්ධතාවයක් තිබි ඇති අතර පසුව සැකකරු ඇයගේ නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක නිවසට ගොස් ඇය දූෂණය කර එම දරශන අන්තර් ජාලයට මුදාහැර ඇති බවත් පරික්ෂණවලදි අනාවරණයවි ඇත.

එම දර්ශන දුටු කිහිප දෙනෙකු 1929 ඔස්සේ ඒ බව ජාතික ළමා රක්ෂක අධිකාරියට දැනුම්දි ඇති අතර පසුව ළමා රක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් සැකකරු සහ සිසුවිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *