බාලවයස්කාර දැරියට හදි කල ඥාති අයියා රිමාන්ඩ්

09 හැවිරිදි ඥාති සොහොයුරියගේ අත් ගැට ගසා ලිංගික අපරාධයක් සිදු කල බාල වයස්කාර සැකකරුවෙකු ලබන මස 06 වන දින දක්වා කිතුලම්පිටිය රිමාන්ඩ් ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අක්මිමණ පදිංචි 17 හැවිරිදි සැකකරුවෙකි.

සිද්ධියවු දින දැරිය පමණක් නිවසේ සිටියදි එම අවස්ථාවේ පිටුපස දොරින් ඇතුලුවු සැකකරු දැරියගේ අත් ගැටගසා ලිංගික අපරාධය කර ඇත. මේ බව ඇය එදිනම මවට පවසා නොමැති අතර දින කිහිපයකට පමණ පසු ඇයට ඇතිවු අසනිප තත්වයක් නිසා සිද්ධිය මවට පවසා ඇත.

පසුව දැරිය අසනිපවිම නිසා රෝහල් ගත කරන ලද අවස්ථාවේ රෝහල විසින් පොලිසියට දැන්විමෙන් පසු සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

Leave a Reply