හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 10 හැවිරිදි දැරියකට රහසඟ පෙන්වූ බව කියන ටෙලි නාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු යැයි කියාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
පාදයක ඇතිවූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මව සමඟ පැමිණි දැරිය මූලික ප්‍රතිකාර ඒකකය අසල රැඳී සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා පිළිබඳ දැරිය සිය මවට පැවැසීමත් සමඟම ඔහු එම ස්ථානයෙන් නැඟිට පිටව යෑමට උත්සාහ දරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඒ සමඟම දැරියගේ මව කෑ ගසා ඇති අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.
(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)