බ්‍රිතාන්‍ය ජාතික තරුණියට අතවර කල අයෙකු අත් අඩංගුවට

එංගලන්ත ජාතික තරුණ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන 38 හැවිරිදි ධීවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව මවුපියන් සමග කිරින්ද ප්‍රදේශයට පැමිණ ගොඩාන හන්දිය සීමාවේ නවාතැනක් ලබාගැනීම සඳහා ගොස් තිබේ. පසුව ඇය අදාල නවාතැන් පොල ඉදිරිපිට මාර්ගයේ රැඳි සිටියදී මහ මග ගමන් ගත් පුද්ගලයෙකු ඇය අසලට පැමිණ ඇයව බදාගෙන බලහත්කාරයෙන් සිප වැළඳ ගෙන ඇති අතර පසුව එම පුද්ගලයා සමග පොර බැඳීමේදී ඔහු පලාගොස් තිබේ.

පසුව මෙම කාන්තාව අදාල පුද්ගලයාට අයත් එම ස්ථානයේ වැටී තිබූ ජංගම දුරකථනයද කිරින්ද පොලීසියට බාර දෙමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.

එම ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කිරින්ද පොලිසියේ  නිලධාරීන් පිරිසක් මාගම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද (23) තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *