බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වෙයි

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දැරු දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වූ බව එරට රජ මාළිගය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය..

1926 අප්‍රේල් 21වන දින ලන්ඩනයේ දී උපත ලැබු දෙවන එළිසබත් මහරැජින මියයන විට 96 හැවිරිදි වියෙහි පසුවිය

එළිසබත් මහරැජිනට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමිවූයේ 1953 ජුනි මාසයේදීය. එවකට ඇයගේ වයස අවුරුදු විසිහයක්‌ විය. සිය පියා වන හයවෙනි ජෝර්- රජුගේ හදිසි අභාවය නිසා තරුණ එලිසබත් කුමරිය රජකම භාර ගැනීමට සිදු විය. මහ රැජින පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාවයි. එක්සත් රාජධානියේ සේනාධිනායිකාවයි. එංගලන්ත සභාවේ ප්‍රධානියයි.

ඇය දෙවන ලෝක යුද්ධය පැවැති සමයේදී ට්‍රක් රථ රියදුරුවරියක සහ කාර්මික ශිල්පිනියක ලෙස හමුදා සේවයෙහි යෙදුණා ය. ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස හමුදා සේවයට බැඳුණු ප්‍රථම බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාව ලෙස ඇය ඉතිහාසයට එකතු වේ.

ලෝක ඉතිහාසයේ දිගු කලක් කිරුළ දැරූ රැජිණ ලෙස  ඉතිහාසගත වනු ඇති

Leave a Reply