සිරිපා වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්

ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

මහරගම සිට පැමිණි නඩයක් රැගත් බසයක් මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

එම බස් රථයේ 60ක පමණ පිරිසක් ගමන් කර ඇති අතර නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ නම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

තුවාලකරුවෝ ගිනිගත්හේන, වටවල සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.තුවාලකරුවන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ

යුද හමුදාවේ සහ පොලිසියේ කණ්ඩායම් තුවාලකරුවන් ගොඩට ගෙන ආ අතර කළුවර තත්වය නිසා රෝගීන් ගොඩට ගෙන ඒමට ඔවුනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නෝර්වුඩ් පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply