බස් රථයකට යටවි කාන්තාවක් ජිවිතක්ෂයට

ඇල්පිටිය බද්දේගම මාර්ගයේ අගලිය ප්‍රදේශයේදි බස් රථයකට යටවිමෙන් අද (14) උදැසන කාන්තාවක් මියගොස් ඇතැයි අගලිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඇත්කඳුර දිවිතුර පදිංචි 86 හැවිරිදි කාන්තාවකි.

මියගොස් ඇති කාන්තාව තවත් කාන්තාවක් සමග වෛද්‍ය පරික්ෂණයකට යාමට අගලිය බස් නැවතුම් පොලට පැමිණ බස් රථය පැමිණෙන විට පාර මාරුවි බස් රථයට ගොඩවන අවස්ථාවේ බස් රථය ඉදිරියට ඇදිම නිසා එහි පසුපස රෝදයට යටවිමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බද්දේගම සහ අගලිය පොලිස් ස්ථාන විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *