බස් ත්‍රීරෝද අනතුරකින් දෙදෙනෙකු මරුට – තුනකට බරපතළයි

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී අද(24 ) පෙරවරුවේ පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

අනතුරින් තුවාල ලබා ඇති ත්‍රී රෝද රථයේ ගමන් ගත් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිරිසක්  බව දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී අනාවරණය වී ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

මියගිය  දෙදෙනෙකුගේ මළසිරුරු ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙන අතර තුවාල ලැබූ කාන්තාවක් තවත් පිරිමි අයෙකු සහ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙකු ගලේවෙල රෝහලේන් දඹුල්ල රෝහලට මාරු කර ඒවා ඇති අතර ඉන් පිරිමි අයෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතල නිසාවෙන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Reply