බස්රියක් පැහැරගත් වාහන සීසර්ලා රිමාන්ඩ්

මූල්‍ය සමාගමට ගෙවිය යුතු වාරික මුදල් නොගෙවීම සම්බන්ධයෙන් නවීන පන්නයේ බස් රථයක් කොල්ලකෑ බව කියන සීසර්ලා තිදෙනකු අද (10) දක්වා රිමාන්ඩ් කරන ලෙස ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා පෙරේදා (8) නියෝග කර තිබේ.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ කොච්චිකඩේ සහ පලගතුරේ යන ප්‍රදේශවල පදිංචි 27 සහ 35 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.

බස් රථය කඩිනමින් බඩල්ගම පොලිසිය වෙත භාරදෙන ලෙසට එම මූල්‍ය සමාගමට අධිකරණයෙන් නියෝග කර තිබේ.

බස් රථය රුපියල් ලක්ෂ 95ක් පමණ වටිනා බව පොලිසිය පවසයි. බස් රථයේ හිමිකරු රියැදුරු ලෙස කටයුතු කර ඇති බවත් බඩල්ගම, මඩම්පැල්ල ප්‍රදේශයේ සිට අවමංගල්‍ය උත්සවයකට යෑම සඳහා කණ්ඩායමක් රැගෙන යා යුතු බව පවසා සැකකරුවන් තිදෙනා රියැදුරු මෙන්ම හිමිකරුව රවටා බස් රථයෙන් මීගමුවේ සිට මඩම්පැල්ල ප්‍රදේශයට ගොස් බස් රථය කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.

එම බස් රථය වායුසමීකරණය කරන ලද එකක් බවත් AC එපා බසය නවතා ජනෙල් අරින ලෙස එක් සැකකරුවකු රියැදුරුට පවසා ඇති බවත් බසය නවතා බසයේ ජනෙල් විවෘත කරලීම සඳහා රියැදුරු අසුනෙන් බැස යෑමෙන් අනතුරුව රියැදුරු අසුනට ගොඩ වූ සැකකරුවකු බස් රථය කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *