බසය පෙරලී 30 දෙනෙකු රෝහලට

පොලොන්නරුව සිට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද( 30) වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළි සිදූ වු අනතු‍රකින් 30 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිව්දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇත

බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් 80 ආසන්න සංඛ්‍යාවක් සිට ඇති අතර අනතුරෙන් සුළු තුවාල ලැබූ සේවකයින් කිහිප දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇත

Leave a Reply