බසයේ පාපුවරුවෙන් වැටී මගියෙකු ජිවිතක්ෂයට

බස්‍ රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ – වැල්ලවාය මාර්ගයේ හම්බන්තොට දී බස් රියෙන් ඇද වැටී රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට සිප්පිකුලම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි. 

කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබාදී ඉතිරි මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර පාපුවරුවේ ගමන් කරමින් සිටි ඔහු ඉතිරි මුදල් සිය මුදල් පසුම්බියට දමා ගැනිමට තැත් කිරීමේදී බස් රියෙන් විසිවී පිටතට ඇද වැටී ඇතැයි පරික්ෂණවලදි අනාවරණයවු බව පොලිසිය පවසයි.   

රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව තුවාලකරු ත්‍රීරෝද රථයකින් රැගෙන විත් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply