බසයක් මතට ගසක් කඩාවැටී 05 දෙනෙකු ජිවිතක්ෂයට

_____UPDATE__________

කොල්ලුපිටිය, ලිබර්ටි වටරවුමේදී බස් රථයක් මතට ගසක් කඩාවැටී සිදුවූ මාරක අනතුරින් 5 දෙනෙකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

______________________________________________

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට අද (06) උදෑසන විශාල ගසක් කඩාවැටීමෙන් සිදුවු මාරක 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.

තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇති බවත් ඔවුන් මුදාගැනිමට උත්සාහ කරමින් සිටින බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ – මතුගම බස් රථයක් බව පොලිසිය පවසයි.

කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම තාවකාලිකව වසා ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ට උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply