බවුසරයෙන් ආ මාරයා කාන්තාවක් බිලිගනි

ත්‍රිකුණාමලය, පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ නාවච්චාලේ ප්‍රදේශයේ දී ත්‍රීකුණාමලය දෙසට ධාවනය වූ බවුසර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නිලාවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක කාන්තාවක් වන අතර ඇය සමග ගමන් ගත් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුරින් පසු තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනා කුච්චවේලි රෝහලට ඇතුළත් කිරීමේ දී යතුරුපැදිකාරිය මිය ගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *