බලු ආරවුලක් මරණයෙන් කෙලවර වෙයි

සුනඛයෙකු සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තෙලිකඩ ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි ඊයේ (01) පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තෙලිකඩ ගිණිමැල්ලගහ බටහිර පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු අයගේ නිවස පිහිටි ඉඩමට අසල්වැසි නිවසේ සුනඛයින් පැමිණිම හේතුවෙන් ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සුනඛයින් අයිති සැකකරු විසින්  පොල්ලකින් පහරදි ඇත. එහිදි තුවාලකරු කරාපිටිය රෝහලට ඇතලුත් කිරිමෙන් පසු ඊයේ රාත්‍රි මියගොස් ඇත.

මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය අද කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ

Leave a Reply