බලාගන්න දුන් හරක් විකුණා හොරු අරන් ගියේ යැයි පැමිණිලි කල අයකු රිමාන්ඩ්

රැක බලා ගැනීම සඳහා වෙනත් පුද්ගලයකු විසින් යුවලකට ලබාදුන් එළ ගවයන් දෙදෙනෙකු විකුණා පසුව එම ගවයන් රැගෙන ගොස් ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදු කල පුද්ගලයෙකු දින 14ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අඟුරුවාතොට යටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් බලා ගැනීම සඳහා එළ ගවයන් තිදෙනෙකු කෙසෙල්හේනාව ප්‍රදේශයේ විසූ අඹුසැමි යුවළකට ලබාදී තිබේ. ඔවුන් ඉන් දෙදෙනෙකු ව්‍යාපාරිකයකුට විකුණා අනතුරුව මෙලෙස අඟුරුවාතොට පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකර ඇත.

අදාළ පැමිණිල්ල කළ කාන්තාව වරින්වර පොලිසියට පැමිණ තම ගවයන් හා නොදෙන බවට පොලිසියට චෝදනා කර තිබේ.

අඟුරුවාතොට පොලීසියට ලද තොරතුරක් මත ගවයන් මිලදී ගන්නා ව්‍යාපාරිකයකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. මෙම යුවල විසින් ගවයන් දෙදෙනා තමාට විකුණූ බව ව්‍යාපාරික යයි දී පවසා තිබේ. අනතුරුව අදාළ යුවළ ගෙන්වා ප්‍රශ්න කිරීමේදී තමන් ගවයන් විකුණු බව ඔවුන් ද පිළිගෙන ඇත.

පසුගියදා ගවයන් දෙදෙනා සොයා ගෙන පොලීසියට රැගෙන විත් ඇති අතර එළ ගවයන් තිදෙනාගේ සැබෑ අයිතිකරුවන් වෙත භාරදුන් බවත් පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *