බලපිටිය රිය අනතුරකින් ආචාර්යවරයකු ජිවිතක්ෂයට

ගාලු පාරේ බළපිටිය බේරතුඩුවේදී යතුරු පැදියක් ඊයේ (12) රාත්‍රියේ බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ආචාර්යවරයකු මිය ගොස් ඔහුගේ දියණිය තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මේ අනතුරින් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විදුහලේ ආචාර්යවරයකු හා ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයකු වන බළපිටිය පදිංචි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා නමැති පනස් හය හැවිරිදි තිදරු පියෙකි.

පෞද්ගලික නිවසක පැවති උපකාරක පංතියකින් සිය දියණිය රැගෙන නිවස බලා යතුරු පැදියෙන් යමින් සිටියදී ක්‍රියා විරහිතව නතර කර තිබූ බස් රථයක ගැටී මේ අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසය.

මේ අනතුරින් තුවාල ලැබූ මිය ගිය තැනැත්තාගේ දියණිය මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලීසිය පවසයි.

Leave a Reply