බලපිටිය මහාධිකරණයෙන් හතර දෙනෙකුට මරණ දඬුවම

ඉඩම් ආරඅවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ විත්තිකරුවන් හතර දෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (22) මරණ දණ්ඩණය නියම කළේය.

මෙසේ මරණ දඩුවම නියම කෙරුණේ අමුගොඩ සහ මුල්ලේරියාව පදිංචි පුද්ගලයන් හතර දෙනෙකුටය.

මීට වසර 21කට පෙර අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේ විත්තිකරුවන් මෙම අපරාධය කළ බව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන් සිව්දෙනාට මරණ දඬුවම් නියම කළ විනිසුරුවරයා සෙසු විත්තිකරුවන් 08 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.

නඩුවට පෙනී නොසිට අධිකරණය මගහැර පලා විත්තිකරුවෙකුට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වහාම ඔහු අත්අඩංගුවට ගෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට නියම කළේය.

2002 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුගේ අතක් කපා වෙන් කර බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

Leave a Reply