බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රටටම ආදර්ශයක්

බද්දෙගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ස්වේච්ඡා සහභාගීත්වයෙන් සෑම දිනකම ගාල්ල ශ්‍රී රතනසාර මහා විද්‍යාලය වෙත ආහාර පරිත්‍යාග කිරීමේ පෝෂණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් සඳහා පෝෂණ ඌණතාවයක් නොවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන සදහා නිලධාරීන් සිය දිවා ආහාර පාර්සලයට අමතරව තවත් පාර්සලයක් රැගෙන පැමිණීමෙන් මෙම ස්වේච්ඡා වැඩසටහන සදහා තම සහයෝගය දක්වයි.

මෙම ආහාර විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය මගින් අවශ්‍යතාව පවතින පාසල් ළමුන් අතර බෙදා හැරීම සිදු කරනු ලබන අතර මෙහි ප්‍රධාන අරමුණ වනුයේ පෝෂණ ගැටළු හේතුවෙන් පාසලට නොපැමිණෙන සිසුන් පාසලට පැමිණීමේ ප්‍රවණතාවය ඉහළ නංවා ගැනීම බව එම නිලධාරීන් පවසයි.

Leave a Reply