බණ්ඩාරවෙල පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි – දෙදෙනෙකු අතුරුදන්

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (19) රාත්‍රියේ බණ්ඩාරවෙල, පුනාගල වත්තේ, කබරගල, පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට හානි සිදු වී තිබේ.

අනතුරට පත්වූවන්ගෙන් 6 දෙනෙකු මේ වන විට මුදා ගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

රාත්‍රි 9.00ට පමණ සිදුවූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *