බංගලදේශයේ සාප්පු සංකීර්ණයක මහා ගින්නක්

බංග්ලාදේශයේ ඩකා අගනුවර සාප්පු 3,000 කින් යුත් සාප්පු සංකීර්ණයක් ඇති වූ මහා ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන්, එරට යුද හමුදාව සහ සහන සේවකයන් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අද (04) අලුයම ආරම්භ වූ මෙම ගින්නෙන් මේ දක්වා ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එරට සුප්‍රසිද්ධ රෙදි වෙලඳපොලවල් ඇති බංගබසාර් හි පවතින දැඩි තදබදය, ජනාකීර්ණ ප්‍රදේශයේ ගින්න පැතිර යෑමේ අවදානමක් හේතුවෙන් යුද හමුදාව කැඳවා තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් හයසිය දෙනකු ඇතුළු ගිනි නිවන රථ 50කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැති බව එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ ය.

ඉතා විශාල රෙදිපිළි වෙළඳසැල් පවතින බංගබසාර් හි සාප්පු හිමියන් එළඹෙන ඊද් උත්සවයට සූදානම් වීම සඳහා නිමි ඇඳුම් ඇතුළු රෙදිපිළි ගබඩා කර තිබූ අතර ඔවුන්ගේ භාණ්ඩ බොහොමයක් ගින්නෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply