පෝලන්තයෙන් ආ තරුණිය තංගල්ලෙන් අවසන් ගමන් යයි

සිය පෙම්වතා සමඟ තංගල්ල මුහුදු තීරයේ අනතුරුදායක ස්ථානයක දිය නාමින් සිටිය දී පෝලන්ත ජාතික කාන්තාවක් අද (25) දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 22හැවිරිදි වියේ පසු වූ තරුණියකි.

මෙම පෙම්වතුන් දෙදෙනාම දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් කඩිනමින් ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද විදේශීය තරුණිය එහිදී මියගොස් තිබේ.

Leave a Reply