පොලිසියේ 4000ක් යහපත් සෞඛ්‍ය තත්වයක නැහැලු

යහපත් සෞඛ්‍ය තත්වයක නොසිටින (සෞඛ්‍යය පරිසාධන මට්ටම) නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී හෙලිව තිබේ

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ බව සදහන් කර තිබේ

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එසේම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම යන හෙයින් පොලිස් නිලධාරීන් 16000 ක  පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇතිවන බවද පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

Leave a Reply